Thursday, May 9, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බිඳ වැටේ (VIDEO )




ඉන්දීය පාර්ලිමේන්තුව තුල ආරක්ෂාව බිඳ වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ පාර්ලිමේන්තුව තුල නරඹන්නන්ගේ ගැලරියේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු එකවර පාර්ලිමේන්තු සභා ගර්භයට කඩාවැදීම නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

මෙම පුද්ගලයන් දෙදෙනා පාට දුම් පිරවූ කැනිස්ටර් දෙකක්  රැගෙන කතා නායක වරයාගේ ආසනය අසලට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

විදෙස් මාධ්‍යට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පවසා ඇත්තේ මෙය බරපතළ ආරක්‍ෂාව කඩවීමක් බවත්  අමුත්තන්ගේ ගැලරිය තුළට කැනිස්ටර් ගෙන ඒමට පුද්ගලයන් දෙදෙනකුට හැකිවීම පුදුමයට කරුණක් බවයි.