Friday, May 10, 2024

General line - 0115112241

ගාසා තීරය වෙනුවෙන් අදත් යෝජනාවක්




එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද දිනයේදීත් රැස් වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ ගාසා තීරයට කඩිනම් හා ස්ථිර සටන් විරාමයක් ගෙන ඒම වෙනුවෙන්.

ඒ සඳහා වන යෝජනාවක් අද ආරක්ෂක කවුන්සිලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නව යෝජනාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ගෙන එනු ඇති බවයි පැවසෙන්නේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙලෙස ගාසා තීරය සම්බන්ධයෙන් වන යෝජනාවක් සම්මත කර ගැනීමට සැරසෙන්නේ ඉකුත්දා එලෙස ගෙන ආ යෝජනාවක් අමෙරිකාව විසින් නිශේධ බලය භාවිත කර පරාජයට පත් කළ පසුබිමක් තුළයි.