ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද දැනුම තිබෙන පුද්ගලයින් කිහිප දෙනෙකු එකතු වී අනෙකුත් රටවල් සිදුකරන තාක්ෂණික දැනුම උපයෝගි කර ගනිමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තීන්දු තීරණ ගතයුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන කුමාර් ධර්මසේන පවසනවා.
නිසි වේලාවට බලධාරීන් තීන්දු තීරණ නොගතහොත් නැමීබියාව වැනි රටකට පවා ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයවීමේ අවදානමක් තිබෙන බවයි කුමාර් ධර්මසේන පැවසුවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම සදහා තමන් ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවයි කුමාර් ධර්මසේන එහිදී වැඩිදුරටත් සදහන් කළේ.
වත්මන් තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයන් වෙනස් කිරීම සම්බන්ධයෙන්ද කුමාර් ධර්මසේන අදහස් පළ කළා.