Thursday, May 9, 2024

General line - 0115112241

තායිවානයෙන් පැමිණිල්ලක්




තවත් සැකකටයුතු චීන බැලූන දෙකක් නිරීක්ෂණය වූ බව තායිවානය පවසනවා.

එම බැලූන කාලගුණ නිරීක්ෂණ බැලූන ලෙසයි චීනය හඳුන්වනු ලබන්නේ.

එවැනි බැලූන දෙකක් ඉරිදා දිනයේදී (18) සංවේදී තායිවාන සමුද්‍ර සන්ධිය හරහා පියාසර කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

මෙම මාසය තුළදී තායිවානය සැකකටයුතු චීන බැලූන සම්බන්ධයෙන් වාර්තා කළ දෙවන අවස්ථාව මෙයයි.

කෙසේවෙතත් මෙම චීන බැලූන ඔත්තු බැලීම සඳහා යොදා ගන්නා බවටයි ඇතැම් රටවල් චෝදනා කරන්නේ.