Thursday, May 9, 2024

General line - 0115112241

ජපානය සහ මැලේසියාව අතර අළුත් ගිවිසුමක්




ජපානය සහ මැලේසියාව ආරක්ෂක ආධාර ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ මැලේසියාවේ සමුද්‍රීය ආරක්ෂාව ඉහළ නැංවීම සඳහායි.

එහිදී යෙන් මිලියන 400 (අමෙරිකානු ඩොලර් මිලියන 2.8) ප්‍රදානයක් ඇතුළුව ආරක්ෂක ආධාර ගිවිසුමකට දෙපාර්ශවය විසින් අත්සන් තැබූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ජපානය සහ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) අතර වසර 50 ක සබඳතාවයක් සනිටුහන් කරමින් පැවැති ටෝකියෝ සමුළුවට සමගාමීව දෙරටේ විදේශ අමාත්‍යවරුන් විසින් මෙම නිල ආරක්ෂක ආධාර ගිවිසුම අත්සන් කර තිබෙනවා.

ගිවිසුම යටතේ ගලවා ගැනීමේ බෝට්ටු සහ තවත් උපකරණ ජපානය විසින් ලබා මැලේසියාවට ලබා දෙනු ඇති.

චීනයෙන් එල්ල වන තර්ජන සඳහා මුහුණදීමට එම රටවල් මෙලෙස එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.