Thursday, May 9, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය අභියස තායිවානයට සැකයක්.




අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් චීනයට ජාත්‍යන්තරයෙන් ප්‍රභල චෝදනාවක් එල්ල වෙමින් තිබෙනවා.

මේ බව වඩාත් කරළියට පැමිණ ඇත්තේ තායිවානයේ ජනාධිපතිවරණය ආසන්න වීමත් සමගයි.

තායිවානයේ ජනාධිපතිවරණය ලබන ජනවාරි 08 වනදා පැවැත්වෙනවා.

එවන් පසුබිමක් තුළ තායිවානය පවසන්නේ චීනය අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම තුළින් ජනතාවගේ තීරණ වෙනස් කිරීමට උත්සහ දරණ බවයි.

ඉන් චීනය අපේක්ෂා කරන්නේ චීන ගැන ති චින්තනයක් ජනතාව තුළ වර්ධනය කිරීම බව ද තායිවානය පවසනවා.

මේ අතර වරක් යුරෝපා සංගමය ද චෝදනා කර තිබුණේ යුක්‍රේන අර්බුධය සම්බන්ධයෙන් චීනය අසත්‍ය තොරතුරු පතුරුවා හරින බවටයි.

ඊට අමතරව ජනතාව අතර අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් චෙක් ජනරජය  ද වරක් චීනයට චෝදනා කළා.

මෙලෙස විදෙස් රටවල් තුළ තමන්ට හිතවාදී ලෙස ප්‍රචාර පතුරුවා හැරීමට චීනය වසරකට අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වැය කරන බවයි අමෙරිකාව චෝදනා කරන්නේ.