Saturday, September 21, 2024

General line - 0115112241

ජනප්‍රිය ගායක චාමර වීරසිංහ දැඩිසත්කාර ඒකකයට




ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කෙරුණේ මීට දින කිහිපයකට පෙරයි.

පසුව රෝගී තත්ත්වය සලකා චාමර වීරසිංහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔහු මෙලෙස රෝහල්ගත කෙරුණේ උගුරේ ඇතිවූ අපහසුතාවයක් හේතුවෙන් බවටයි වාර්තාව වන්නේ.

කෙසේවෙතත් චාමර වීරසිංහගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් නිල වාර්තාවක් කිසිදු පාර්ශවයකින් මේ දක්වා නිකුත් කර නැහැ.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ චාමර වීරසිංහගේ සුවදුක් විමසීම සඳහා බාහිර පාර්ශවයන් පැමිණීම රෝහල් පාර්ශවයෙන් මේ වන විට සම්පූර්ණයෙන් ම නතර කර ඇති බවයි.

චාමරගේ සුවදුක් විමසීම සඳහා පැමිණීමට අවසරදී ඇත්තේ ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන්ට පමණයි.