Thursday, May 9, 2024

General line - 0115112241

ඉන්දියාව, කුවේටයට සුබ පතයි.




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කුවේටයේ නව එමීර්වරයා ලෙස තේරී පත් වූ Sheikh Mishal Al-Ahmad Al-Jaber Al-Sabah වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඉදිරියේදී ඉන්දියාව සහ කුවේටය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි x ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ.

කුවේටයේ සිටින ඉන්දීය ප්‍රජාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව ද අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබෙනවා.

කුවේටයේ හිටපු එමීර් Sheikh Nawaf al-Ahmad al-Jaber al-Sabah ඉකුත් දා අභාවප්‍රාප්ත වූ අතර ඉන් අනතුරුවයි එරටට නව එමීර්වරයෙකු පත් කෙරුණේ.

ගල්ෆ් අරාබි එකමුතුව සහ බටහිර සන්ධාන සඳහා සහාය ලබාදීම ඇතුළුව කුවේටයේ විදේශ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට ද නව එමීර්වරයා ප්‍රතිඥා ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.