මහනුවර ජාතික රෝහලෙන් කොරෝන මරණයක් වාර්තා වෙනවා .
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ගම්පොල, උලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි.
රෝගී තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයා ඉකුත් දා ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව ඔහුව මහනුවර රෝහල වෙත මාරු කර එවා තිබෙනවා.
එහිදී එම පුද්ගලයා මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අනතුරුව සිදුකරන ලද පරීක්ෂණවලදි අනාවරණ වී ඇත්තේ මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
එලෙස මියගිය පුද්ගලයාට දියවැඩියාව ඇතුළු රෝග කිහිපයක් තිබී ඇති බවත්, ඔහු නිව්මෝනියා තත්ත්වයෙන් පීඩා විඳ ඇති බවත් වෛද්‍යවරුන් පවසනව බව ද නෙත් නිවුස් වාර්තාකරු ප්‍රකාශ කළා.