සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රොෂාන් ඉන්දික නොහොත් මන්නා රොෂාන් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ පාදුක්ක, තුන්නාන ප්‍රදේශයේ පාලු ඉඩමකදී අද අළුයම 2.45ට පමණ මන්නා රොෂාන් සහ ඔහුගේ නිවසේ සේවය කරමින් සිටි පුද්ගලයෙකු කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.
මන්නා රොෂාන් මෝටර් රථයක් තුළ සහ අනෙක් පුද්ගලයා ඉන් පිටතදි වෙඩි වැදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.