Friday, September 6, 2024

General line - 0115112241

ඔප්පු ඇතුළු නීත්‍යානුකූල ලේඛන සැකසීමට නව නීතියක්




මූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඒ අනුව මූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රියාවලිය සඳහා මහ බැංකුව විසින් සිදුකරන ක්‍රීයාවලියේ බලතල නව අධිකාරියට පැවරෙනු ඇති.

මේ අතර කූඨ ලේඛණ සකස් කිරීමට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. 

 

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෙම අදහස් පළ කළා.