Friday, September 6, 2024

General line - 0115112241

නව වසරේ ජනතාව කෙරෙහි අවදානය යොමු කරන්නැයි මහ නා හිමිවරුන්ගෙන් රජයට දැනුම් දීමක්

කමල් සුරවීර




දිනෙන් දින අපහසුතාවට පත්ව සිටින ජනතාව නව වසරේදී රජයෙන් සහනයක් අපේක්ෂා කරන බව අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් පවසනවා.

නව වසර වෙනුවෙන් ආශිර්වාද එක්කරමින් උන්වහන්සේ පැවසුවේ රජය ජනතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි. 

 


මේ අතර නව වසර වෙනුවෙන් ආශිර්වාද එක්කරමින් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පැවසුවේ සියලුදෙනා නව වසරේදී වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොරව සමගියෙන් සාමයෙන් ජීවත්වීමට වගබලා ගත යුතු බවයි.