වැලිගම ප්‍රදේශයේ වැටලිමකදි වෙඩි වැදිමෙන් මියගිය පොලිස් සැරයන්වරයාගේ පෙනහැල්ලේ තිබූ වෙඩි උණ්ඩ දෙක වැඩිදුර පරික්ෂණ සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකිරිමට කටයුතු කර තිබෙනවා.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර පැවසුවේ එම පොලිස් සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි සිදුකළ බවයි.
පොලිස් සැරයන්වරයාගේ පෙනහැල්ලට වෙඩිවැදි රුධිරය වහනය විමෙන් මරණය වි ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණ වී තිබෙනවා.
පොලිස් සැරයන්වරයාට වෙඩිවැදි ඇත්තේ කුමන වර්ගයේ ගිණි අවියකින්ද යන්න පිළිබද රස පරික්ෂකවරයාගේ වාර්තාව ලැබිමෙන් පසු අනාවරණය කරගතහැකි බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසුවා.
අදාළ වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක් වූ ගලේවල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් නිලධාරියෙක්. කොළඹ අපරාධ කොට්ඨාශයට අනියුක්තව සේවය කළ එම පොලිස් සැරයන්වරයාගේ මෘතදේහය ඊයේ රාත්‍රි ඔහුගේ ඥාතින්ට භාරදිමට කටයුතු කර තිබෙනවා.