ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් නම් කළ ලෝක එක්දින කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා.
2023 වර්ෂය තුළදී ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා පාදක කර ගනිමිනුයි එරට ක්‍රිකට් ආයතනය වසරේ ලෝක එක්දින කාන්තා කණ්ඩායම නම් කර ඇත්තේ.
චමරිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට නවසීලන්තය එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කළ අතර එමෙන්ම එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයක් ද වාර්තා කළා.
ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නම් කළ වසරේ ලෝක එක්දින කාන්තා කණ්ඩායමට කිසිදු ඉන්දීය ක්‍රීඩිකාවක් හෝ පාකිස්තාන ක්‍රීඩිකාවක් ඇතුළත් නොවීමද විශේෂත්වයක්.
චමරි අතපත්තු 2023 වර්ෂයේදී කැපී පෙනන දක්ෂතා දක්වමින් ජාත්‍යතර ක්‍රිකට් පිටියේ වැඩි අවධානයක් දිනාගත් අතර මෙවර බිග්බෑෂ් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද ඇය නම් කෙරුණා.
කෙසේවෙතත් 2023 වසරේ ජාත්‍යන්තර පිටියේ සුපිරි දක්ෂතා අතර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු මෙවර ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබුණා.