බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් යළිත් එරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වු ෂෙයික් හසීනා වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.
ෂෙයික් හසීනා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ ෂෙයික් හසීනා මෙතෙක් බංග්ලාදේශ ජනතාවට ලබා දුන් දක්ෂ හා දූරදර්ශී නායකත්වය මෙම විශිෂ්ට ජයග්‍රහණයට ඉවහල් වූ බවයි.
ෂෙයික් හසීනාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සමීප සහ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත්ව ඉදිරියට පැමිණි බව සිය සුබපැතුම් පණිවිඩයෙන් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. ඉදිරියේ දී එම සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් දෙරටේම ජනතාවට අන්‍යෝන්‍ය ප්රතිලාභ සැලසෙන අයුරින් ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.