වසර තුනකට වැඩි කාලයක් තමන්ට විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානය අහිමි වූයේ හිටපු තේරීම් කමිටුවේ ඇතැම් නිලධාරීන්ගේ පෞද්ගලික උවමනාවන් මත සිදුකළ ක්‍රියාවන් හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
තමන් පසුගිය වර්ෂ කිහිපයේ දක්ෂතා පෙන්නුම් කළද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊට අවස්ථාවක් ලබා නොදුන් බවයි ඊයේ පැවති විස්සයි විස්ස තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව පිළිබදවද ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී අදහස් පළ කළා.