Monday, November 25, 2024

General line - 0115112241

බඩු මිල මාර්තුවේදී අඩුවන බවට ආණ්ඩුවෙන් ඉඟියක්




රටේ අනාගත නායකත්වය භාර දිය යුත්තේ ආර්ථිකය යහපත් දිශානතියකට යොමු කළ හැකි රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ රටේ අනාගතය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වන බවත් මාර්තු මාසය පමණ වනවිට භාණ්ඩ මිල පහත වැටෙනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් සම්මේලනය අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.