Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ ගෞරවය සොයා අද සටනට




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් හා තීරණාත්මක තරගය අද රාත්‍රී 7 ට ආරම්භ වෙනවා.

ඒ, ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ දෙක දෙපිළිම එක බැගින් ජයගෙන මේ වන විට තරගාවලිය සම තත්ත්වයේ පසුවනවා.

ඒ අනුව තරගාවලිය ජය ගැනීම සඳහා අද දෙපිළටම තරගය තීරණාත්මකයි.

යම් හෙයකින් අද තරඟය සිම්බාබ්වේ පිළ ජයගතහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් ලබන පළමු ජාත්‍යන්තර විස්සයි 20 තරඟාවලි ජයග්‍රහණය එය වනු ඇති.

ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කළේ අද තරඟයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් සිදුවිය හැකි බවයි.

ඒ අනුව බොහෝදුරට කුසල් ජනිත් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා අද තරඟයට කැඳවනු ඇති.