Monday, April 29, 2024

General line - 0115112241

ලෝක කුසලානයට පෙර තව තරඟ හයයි - T20 කණ්ඩායම තේරීම ගැන වනිඳු කතා කරයි




පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක5ිකට් තරඟාවලියට පෙර ශ්‍රී ලංකාවට තවත් ඇත්තේ තරඟ 06 ක් පමණක් බැවින් අවසන් සංචිතය තෝරා ගැනීම ඒ අනුව සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග පවසනවා.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ පැවති අවසන් විස්සයි විස්ස තරඟයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.


ලෝක කුසලාන කීකට් තරඟාවලිය පැවැත්වීමට නියමිත අමෙරිකාවේ තණතීරු සම්බන්ධයෙන් ද වනිඳු මෙහිදී අදහස් පළ කළා.


ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ පන්දුවාර විස්සයි 20 ප්‍රතිවාදීන් වන්නේ ඇෆ්ගනිස්තානයයි.

ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 තරඟාවලියකට සහභාගීවීම සඳහා ඇෆ්ගනිස්තානය මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.