Friday, September 6, 2024

General line - 0115112241

විදුලිබිල අඩු කරනවාට කැමතිද? අදහස් දෙන්න ජනතාවට ලබන සතියේ සිට අවස්ථාව




විදුලි බිල අඩු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ලබන සතියේ ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ සියයට 03 ක ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

එම යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹීමට පෙර මහජනතාවගෙන් අදහස් විමසීමට තීරණය කළ බව ද මහජන උපයෝගීතා කොමිසමේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැවසුවා. 

ඒ අනුව විදුලිබිල අඩු කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ජනවාරි 23 වනදා ආරම්භ කරන බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව මහජනතාවට ඒ සම්බන්ධයෙන් ලිඛිත අදහස් ඉදිරිපත් කිරීමට දින 21 ක කාලයක් ලබාදෙනු ඇත.

එම කාලය තුලදී [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය හරහා මහජන උපයෝගීතා කොමිසම වෙත සිය ලිඛිත අදහස් ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව හිමි වෙනවා මුලාශය .

ඉන් අනතුරුව විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි මහජන උපයෝගීතා කොමිසම නෙත් නිවුස් පැවසුවේ.