Friday, September 6, 2024

General line - 0115112241

ලංවීම වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක




ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්ති සමිති රැසක් අද පෙරවරු 10.30 ට රැස් වෙනවා.

එම මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ සිය සාමාජිකයින් මරදානේදී එලෙස රැස් වන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය විකිණීම සදහා ගෙන ඇති ක්‍රියාවලිය පරාජය කිරීම සහ වැඩතහනමට ලක් වූ සිය සේවකයින් සම්බන්ධයෙන් එහිදී ඔවුන් සාකච්ඡා කිරීමට නියමිතයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයට එරෙහිව විදුලි සේවකයන් පසුගියදා විරෝධතාවයේ නිරත වුණා.

මුදල් කවුළු වසා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා වන අයුරින්ද ඇතැම් සේවකයින් කටයුතු කර තිබූ බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.

ඒ අනුව මේ දක්වා වැඩතහනම් කර ඇති සේවකයින් සංඛ්‍යාව 66 ක්.