Monday, April 29, 2024

General line - 0115112241

චමරිට අයි සී සී යෙන් තවත් තැනක්




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් 2023 වසරේ විස්සයි විස්ස පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්  නම් කර තිබෙනවා.

ඒ, පසුගිය වසර තුළ විස්සයි විස්ස පිටියේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් 2023 වසරේ  විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුවයි.

පසුගිය වසර පුරා චමරි අතපත්තු ක්‍රිකට් පිටියේදී පිත්තෙන් සහ පන්දුවෙන් දැක්වූ විශිෂ්ට දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඇය 2023 වසරේ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වසරේ විස්සයි විස්ස  කණ්ඩායම් සඳහා තේරී පත්ව ඇති එකම ක්‍රීඩිකාව වන්නේද චමරි අතපත්තුයි.

මේ අතර වසරේ විස්සයි විස්ස පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඉන්දීය කණ්ඩායමේ සූර්යකුමාර් යාදෙව් නම් කර තිබෙනවා.

වසරේ විස්සයි විස්ස පිරිමි ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලාංකික කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු නම් කර නැහැ.