Monday, December 2, 2024

General line - 0115112241

සනත් නිශාන්තගේ දේහය කොළඹ සිට පුත්තලමට




රිය අනතුරකින් මියගිය සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය පුත්තලම බලා රැගෙන යාම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා.

ඒ, දේහය තැන්පත් කර තිබූ කොළඹ පෞද්ගලික මල් ශාලාවේ සිටයි.

ඊයේ පස්වරු 06 යේ සිට දේහය මල් ශාලාවේ තැන්පත් කර තිබුණේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට ඉඩ සලසා දෙමින්.

ඊයේ රාත්‍රිය පුරා සැලකිය යුතු පිරිසක් මල් ශාලාව වෙත පැමිණි අතර දේශපාලනඥයින් ද එහිදී දේහයට අවසන් ගෞරව දැක්වුවා.

දහවල් 12 දක්වා මල් ශාලාවේ තැන්පත් කර තිබූ දේහය පුත්තලමේ නිවස කරා රැගෙන ගියා.

මේ, එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සප්නා කාවින්දි ගෙන එන වාර්තාවක්.


සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය අද පස්වරුවේ සිට පුත්තලමේ ඔහුගේ නිවසේ තැන්පත් කර තැබෙනු ඇති.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ. ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

කටුනායක අධිවේගී මාර්ගයේසි දුවූ රිය අනතුරකින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා ඊයේ අලුයම ජීවිතක්ෂයට පත්වුණා.

කොස්තාපල්වරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.