බත්තරමුල්ල, ඉසුරුපායෙහි පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයේ ගොඩනැගිලි පරිශ්‍රයේ මුදුනක සවිකර තිබූ තඹ පටි සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සේවකයන් 08 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
අඩි 1,731 ක අකුණු සන්නායක තඹ පටි සොරාගෙන ඇති බවට අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසුගියදා තලංගම පොලිසියට පැමිණිලි කර තිබුණා.
අදාළ තඹ පටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 51 ක් පමණ වනවා.
තඹ පටි සවිකර තිබූ ස්ථානයට බාහිර කිසිදු පුද්ගලයෙකුට ළඟා වීමට නොහැකි බවත් ඒ අනුව එම ස්ථානයට ළඟාවිය හැක්කේ අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන පුද්ගලයින්ට පමණක් බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම මෙම සොරකම සිදුව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ ආරක්ෂක මුරකපොලු රැසක් තිබියදී බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.