බ්‍රිතාන්‍යට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් රතු මුහුද ආශ්‍රිත ඒඩ්න් බොක්ක මුහුදු සීමාවේදී ගිනි ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ මාෂල් දූපත් රාජ්‍යයේ ධජය රැගත් මාලරින් ලුඅන්ඩා නමැති නෞකාවක් එලෙස ගිනි ගෙන ඇති බවයි.
පැය කිහිපයක් පුරා නෞකාව තුළ ගින්න පැවති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ගින්න හට ගෙන ඇත්තේ මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් බවයි වාර්තා වන්නේ.
යේමනයේ ක්‍රියාත්මක හූති කැරලිකරුවන් විසින් එලෙස අදාළ නෞකාව ඉලක්ක කර මිසයිල ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
ප්‍රහාරය තහවුරු කරමින් හූති කැරලිකරුවන් පවසා ඇත්තේ නෞකා නාශක බැලැස්ටික් මිසයිලයක් නෞකාව ඉලක්ක කර එල්ල කළ බවයි. අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් අදාළ නෞකාවට පහර දුන් බවයි හූති කැරලිකරුවන් පවසා ඇත්තේ.
කෙසේවෙතත් ගිනි ගැනීමට ලක්වූ නෞකාවට සහන සේවා සැලසීම සඳහා අමෙරිකානු, ප්‍රංශ සහ ඉන්දීය නෞකා ඉදිරිපත් වී තිබුණා.
කෙසේවෙතත් ප්‍රහාරයෙන් නෞකාව තුළ සිටි එහි කාර්යය මණ්ඩලයට හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.