Friday, September 6, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය ආයතන 5 ක විධායක නිලධාරීන් අමරිකා එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලයේ අධිකරණ කමිටුවට




මෙටා , ටික්ටොක් , ස්නැප් , ඩිස්කෝඩ්  සහ පෙර ට්විටර්  ලෙස හැඳින්වුණු වත්මන් එක්ස් (X) ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය ආයතන 5 ක විධායක නිලධාරීන් ඊයේ අමරිකා එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලයේ අධිකරණ කමිටුව වෙත කැඳවා එහි කටයුතු පිළිබඳව විමසා තිබෙනවා. 

මෙහිදී අවධානය යොමු වූයේ මාර්ගගත ක්‍රමවේදයන්හි පවතින අනාරක්ෂිත භාවය හේතුවෙන් සමාජයට ඇති වී තිබෙන අහිතකර බලපෑම් නැවැත්වීමට අදාළ ආයතන අපොහොසත් වීම පිළිබඳව හේතු විමසා තිබේ.

මෙම කණ්ඩායමේ සමාජ මාධ්‍ය වේදිකා තුළින් විවිධ පාර්ශ්වයන්ට සිදු වන හානිය නැති කිරීමට ඔවුන් ස්වේච්ඡාවෙන්ම අපොහොසත්වීම නිසා ඉදිරියේදි තිබෙනවා.  

අමරිකානු රජය ගෙන එන නීති වලට එකඟවන බව අන්තර්ජාල සේවා සපයන මෙම ආයතනවල ප්‍රධානීන් මෙහිදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි.