Friday, September 6, 2024

General line - 0115112241

ONLINE පනතින් අධිකරණ නියෝගත් උල්ලංඝණය වුණාද? - පාර්ලිමේන්තුව උණුසුම්




මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතතාව පිළිබද පනත් කෙටුම්පතේ ඇතුළත් ඇතැම් කරුණු අධිකරණ නියෝග පවා උල්ලංඝණය කර ඇතැයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී ඔහු පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග පවා උල්ලංඝණය කරමින් දෝෂ 9 ක් සහිතව එය නීති කෙටුම්පතට ඇතුළත් කර ඇති බවයි.


ඊට පිළිතුරු දුන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ සදහන් කළේ අදාළ පනත් කෙටුම්පත කිසිදු අයුරකින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ළංඝණය කර නොමැති බවයි.

අදාළ සංශෝධන කල්වේලා ඇතිව සියලු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.


අමාත්‍යවරයා පැවසුවේ මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතතාව පිළිබද පනත් කෙටුම්පත පිළිබද දීර්ඝ සාකච්ඡාවකින් පසුව එය ඉදිරිපත් කර ඇති බවයි.


මේ, ඉන් පසුව අදහස් දැක්වූ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.


පසුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ අඩුපාඩු සහිතව මෙලෙස පනතක් සම්මත කිරීම නීත්‍යානුකූල නොවන බවයි.



මේ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ.


පාර්ලිමේන්තුව තවදුරටත් පැවැත්වෙන අතර එහි සජීවි දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.