Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට




ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින ක්‍රිකට් තරඟාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, දෙරට අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟය ලකුණු 155කින් ජය ගනිමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 308ක් රැස් කළා. 

ආරම්භක  පිතිකරුවන්  ලෙස පිටියට  පිවිසි පැතුම් නිස්සංකට සහ අවිශ්ක  ප්‍රනාන්දුට  වැඩි වේලාවක් පිටියේ  රැදි සිටිම ඇෆ්ගනිස්තාන පන්දු  යවන්නන්  ඉඩ ලබා දුන්නේ නැහැ.

ශ්‍රී ලංකා  කණ්ඩායමේ පළමු  කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 18 ක් ලබා සිටියදි දැවි ගිය අතර අවිශ්ක  ප්‍රනාන්දු  ලකුණු  05 කට දැවි ගියා.

ඉන් අනතුරු  පිටියට පිවිසි නායක කුසල්  මෙන්ඩිස්  සහ සදීර  සමරවික්‍රම  තුන්වන කඩුල්ල  වෙනුවෙන්  ලකුණු  103 සබදතාවක් ගොඩ නැගුවා.  

තුන්වන කඩුල්ල ලෙස සදිර සමරවික්‍රම ලකුණු  52 කට සහ නායක කුසල් මෙන්ඩිස් සිව්වන කඩුල්ල ලෙස ලකුණු  61 ක් ලබා සිටියදී දැවී ගියා.

පස්වන කඩුල්ල ලෙස ජනිත් ලියනගේ ලකුණු  50 ලබා සිටියදී දැවී ගිය අතර, චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ක්‍රීඩා කරමින් පන්දු 74කදි හතරේ පාරවල් 09 සහ හයේ පාරවල් 02 සමගින්  ලකුණු 97ක් නොදැවී රැස් කළා.

ජයග්‍රාහී ලකුණු 309ක ඉලක්කයක් හඹා යාමට පිටියට  පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දු වාර 33යි පන්දු 05ක් අවසානාය් සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 153ක් පමණයි.

රහමට් ෂා ලකුණු 63ක් සහ ඊබ්‍රහීම් සද්‍රන් ලකුණු 54ක් රැස් කළා. වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කර යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

වනිඳු හසරංග පන්දු වාර 06යි පන්දු 05ක් තුළ ලකුණු 27ක් පමණක් ලබා දෙමින් කඩුලු 04ක් දවා ගත්තා.

දිල්ෂාන් මධුෂ්ක සහ අසිත ප්‍රනාන්දු කඩුලු 02 බැගින් දවා ගනු ලැබුවා.

ප්‍රමෝද් මදුෂාන්ද කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව තවත් තරඟයක් ඉතිරිව තිබියදී ඇෆ්ගනිස්තානයට එරෙහි එක් දින ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

දෙරට අතර අවසන් එක් දින ක්‍රිකට් තරඟය ලබන 14වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.