Monday, April 29, 2024

General line - 0115112241

පකිස්තානයට තවත් කරදරයක්




පකිස්තානයේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමත් සමග එරට සිටින චීන වැසියන් ද අවදානමකට මුහුණ පා ඇතැයි වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ පකිස්තානයේ ක්‍රිලයාත්මක සන්නද්ධ කණ්ඩායම්වල ඉලක්කයක් බවට චීන වැසියන් පත්වෙමින් ඇති බවයි. 

ඒ සම්බන්ධයෙන් චීන රජයේ දැලඩි අවදානය යොමු වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මැතක සිට වාර්තා වන පරිදි චීන වැසියන් ඉලක්ක කර පකිස්තානයේදී සිදුවන පහරදීම්, වෙඩි තැබීම් හා පැහැර ගැනීම් වැනි සිදුවිම් ඉහළ ගොස් ඇතැයි සඳහන්. 

චීනය පවසන්නේ පකිස්තානය තුළ සිය පුරවැසියන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්වීම බරපතල තත්ත්වයක් බවයි. 

ඒ සම්බන්ධයෙන් චීනය පකිස්තානයට සිය කණස්සල්ල පළ කර ඇතැලයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

එමෙන්ම සිය පුරවැසියන් ඉලක්ක කර එලල් වන අන්තවාදී ප්‍රහාර වැළැක්වීම සඳහා සාධනීය පියවරක් ගන්නා ලෙසයි චීනය පකිස්තානයෙන් ඉල්ලා ඇත්තේ.

මේවනවිට ණය බරින් පීඩිතව සිටින පකිස්තානයේ විශාලතම ණය හිමියා වන්නේ චීනයයි.

ඒ හමුවේ චීනය සිදුකරන අතපෙවීම් සම්බන්ධයෙන් පකිස්තානයේ ක්‍රිලයාත්මක අන්තවාදී කණ්ඩායම් දැඩි විරෝධය පළ කරන බවයි වාර්තා වන්නේ.

පකිස්තානයේ සිටින චීන වැසියන් ඉලක්ක කර එල්ල වන අන්තවාදී ප්‍රහාර වැඩි වීමට එය එක් හේතුවක් බව ද මේවනවිට අනාවරණ වී තිබෙනවා.