Thursday, December 26, 2024

General line - 0115112241

ජනපතිගේ උත්සාහයට වෙට්ටු දාන පිරිසක් ගැන මනුෂ කියයි




ජාත්‍යන්තර බලවේගවලට හසු වී රටේ ඉදිරි වැඩපිළිවෙළට බාධා සිදු කරන කණ්ඩායමක් රට තුළ සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

බාධා කොතරම් පැමිණියද රටේ ඉදිරි වැඩපිළිවෙළ ආපස්සට නොගන්නා බවයි කෑගල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.


සියලු දෙනාට සාධාරණ සමාජයක් සැකසීම සිය පක්ෂයේ ඒකායන අරමුණ බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  හරිනි අමරසූරිය පැවසුවේ. 


ප්‍රධාන දේශපාලන පක්ෂ ජනාධිපති අපේක්ෂකයාගේ නම ඉදිරිපත් කර තිබුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපති අපේක්ෂකයාගේ නම ඉදිරිපත් නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගෙන් ප්‍රශ්න කළා.