Friday, October 18, 2024

General line - 0115112241

කොළඹ වෙනස් වෙද්දී නොවෙනස් වූ දේ ගැන ජනපති කතා කරයි




කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව විශාල දියුණුවක් සිදුවුවද හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වාර්ෂිකව පවත්වනු ලබන නවම් පෙරහැර අතීතයේ පැවති ආකරයටම මෙවරත් සංවිධාන කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

45 වන වරටත් මෙවර සංවිධාන කර තිබූ නවම් පෙරහැර වීථි සංචාරය කිරීමට ප්‍රථම අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

මංගල හස්ථි රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් එහිදි සිදු වුණා.


එම අවස්ථාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.