Sunday, September 8, 2024

General line - 0115112241

මාන්තිව් දූපතේ නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවධානය




මාන්තිව් දූපතේ අක්කර සියයක නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අවධානය යොමුවී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් බන්ධනාගාර තදබදය අවම කිරීම සදහා එලෙස කටයුතු කිරීමටයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත්තේ.

ඒ අනුව විෂයභාර අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ එම දූපතේ නිරීක්‍ෂණ චාරිකාවකටද එක්ව තිබෙනවා.

එහිදි අදහස් පළ කළ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ පැවසුවේ කොවිඩ් වසංගතය පැවති සමයේ එම දූපත ගුවන් හමුදාව භාරයට ගෙන කොවිඩ් වැලඳුන ගුවන් හමුදා නිළධාරීන් නිරෝධායනය කිරීමට පහසුකම් සලසා තිබූ බවයි.

ළාදුරු රෝගීන් දෙදෙනෙකු පමණක් මේ වනවිට රඳවා සිටින එම දූපතෙන් රටට ඵලදායී කාර්යයක් ඉටුකර ගැනීමට හැකි බවද අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ එහිදි පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව එහි  රඳවා සිටින ළාදුරු රෝගීන් දෙදෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර බෝවන රෝගීන් සිටින ස්ථානයක් කරා මාරුකිරීමේ හැකියාව පවතිනවා.