Monday, May 6, 2024

General line - 0115112241

විනිසුරු විවේචනය කළ වනිඳුට දඩයක් සහ තරඟ තහනමක්




ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම අතර පසුගිය 21වන දින  පැවති අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග විනිසුරු සමග ඇති වූ වචන හුවමාරුව සහ විනිසුරු ලින්ඩන් හැනිබල් විවේචනය කිරීමට එරෙහිව අයි සී සී ය විසින් දඬුවම් පනවා තිබෙනවා.

ඒ අනුව, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම කඩ කළ බව පවසන එම කවුන්සිලය වනිඳු හසරංගට තරග 02ක තහනමක් පනවා තිබෙනවා.

එමෙන්ම ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 50ක දඩයක්ද නියම කර තිබෙන අතර මීට පෙර ද ඔහුට දඬුවම් ලකුණු 2ක් පනවා ඇති අතර, ඒ අනුව පනවා ඇති දඬුවම් ලකුණු සංඛ්‍යාව 04 ඉක්මවා යෑම නිසා තරඟ දෙකක් තහනම් කළ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායම සමග ලබන මාර්තු මස 04වන දින ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟ දෙක වනිදු හසරංගට අහිමි වනු ඇති.