Sunday, September 8, 2024

General line - 0115112241

උණුසුම් කාලගුණය පහළ දැමීමට හැකි ක්‍රමවේදය ගැන විශේෂඥ වෛද්‍යවරයෙක් පෙන්වා දෙයි




කාලගුණ විපර්යාසයන් මත පවතින වියළි කාලගුණ තත්ත්වයට විසඳුම් ලබාදිය හැක්කේ මහජනතාවටම පමණක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඒ අනුව එක් පුද්ගලයෙකු වසරකට එක් පැළයක් සිටුවන්නේ නම් ඉදිරි අනාගතයේදී මෙවැනි තත්ත්වයන් මගහරවා ගත හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ.


මෙම දිනවල පවතින අධික උණුසුම් තත්ත්වය තවත් මාසයකට ආසන්න කාලයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම මෙම අධික උණුසුම ඉදිරියටත් අඩු වැඩි වෙමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.