Sunday, September 8, 2024

General line - 0115112241

ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා සහ සාගල අතර හමුවක්




ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබාචර් මහත්මිය හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා  අතර හමුවක් ඉකුත් 23 දින ජනාධිපති කාර්‍යාලයේ දී පවත්වා තිබෙනවා.

දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින්, අමරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවේ නාවික කටයුතු සඳහා ලබාදීමට නියමිත නෞකාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර, ශ්‍රී ලංකාව සහ අමරිකා එක්සත් ජනපදය අතර ඉදිරි කටයුතු පිළිබඳවද අවධානය  යොමුවි තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනි ගරු ජූලි චංග්  මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.