Friday, January 24, 2025

General line - 0115112241

රාජ්‍ය නිලධාරීන්ට එරෙහි පරීක්ෂණ ගැන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ අප්‍රසාදය




විමර්ශනවලට ලක්වන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.  

ඒ අනුව එම ගැටලුවට විසඳුම් ලබා දීමට නම් සියලු රාජ්‍ය නිලධාරීන් සිය රාජකාරී නිවැරදිව සිදු කළ යුතු බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 


ජනතාවට සේවා සැපයීම සදහා රාජ්‍ය ආයතන විසින් හඳුන්වාදී ඇති දුරකතනවලින් සේවා සපයනු ලබන්නේ සියයට 29කින් පමණක් බව සිදුකළ සමීක්‍ෂණයකදී අනාවරණ වී තිබුණා.

ඒ සම්බන්ධයෙන්ද ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත අදහස් පළ කළා.