Friday, October 11, 2024

General line - 0115112241

උද්ධික ප්‍රේමරත්නටත් මන්ත්‍රී ධූරය එපා වෙයි




පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස්  වෙත වාර්තා වුණේ.

දේශපාලනය සම්බන්ධයෙන් කලකිරිමකින් පසුවිම ඔහුගේ මෙම තීරණයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

ජනප්‍රිය රංගන ශිල්පියෙකු ද වන උද්ධික ප්‍රේමරත්න ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

එහිදී ඔහු හිමිකර ගත් මනාප සංඛ්‍යාව එක්ලක්ෂ 33,550 ක්.