Friday, May 3, 2024

General line - 0115112241

යූනියන් ඇෂුවරන්ස් වෙතින් 2023 වසර සඳහා 13.5%ක සවිශිෂ්ට ලාභාංශ අනුපාතයක්




විශිෂ්ටත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් වෙනුවෙන් කැපවුණු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, 2023 මූල්‍ය වර්ෂය සඳහා සමස්ත ජීවිත රක්ෂණ හිමියන්ගේ ලාභාංශ අනුපාතය 13.5%ක් වන බව සාඩම්බරයෙන් යුතුව නිවේදනය කරනු ලබනවා. 

 2023 වසර සඳහා පැවති සහතික කළ අවම ලාභාංශ අනුපාතය වූ 10% හා සසඳන විට, මෙම 13.5%ක් වන සුවිශිෂ්ට ලාභාංශ අනුපාතය අපේක්ෂිත අනුපාත අගයන් ඉක්මවා යමින්, සමාගම සිය මූල්‍ය ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව යළිත් වරක් පෙන්නුම් කර තිබෙනවා.

මෙම ජයග්‍රහණය සමාගමේ ශක්තිමත් කාර්ය සාධනය අවධාරණය කිරීමක් පමණක් නොව, ගනුදෙනුකරුවන්ට සහ කොටස් හිමියන්ට එක සේ උපරිම වටිනාකම් හිමි කර දෙන විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස එහි ස්ථාවරය යළි තහවුරු කිරීමකි.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා සඳහන් කර සිටියේ,

"අපගේ පාර්ශවකරුවන්ට උපරිම වටිනාකමක් ලබා දීම සඳහා අප තුළ ඇති කැපවීමට පැහැදිලි සාක්ෂියක් ලෙස 2023 වසර සඳහා අපගේ සහතික කළ ලාභාංශ අනුපාතය අභිබවා යමින් සුවිශේෂී ලාභාංශ අනුපාතයක් ප්‍රකාශයට පත් කිරීමට ලැබීම අපට සතුටක්.

මෙය පසුගිය දශකය තුළ ප්‍රකාශිත ඉහළ ම ලාභාංශය වන අතර, ප්‍රබල බාහිර අභියෝග හමුවේ වුව ත් වසර ගණනාවක් පුරා අපගේ තිරසර ප්‍රගතිය පෙන්නුම් කිරීම සැලකිය යුතු කරුණක්," යනුවෙනි.

"ඊට අමතරව, මෙම ලාභාංශ අනුපාතය අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිත අරමුදලේ වර්ධනයට සෘජුව ම දායක වන අතර, ඔවුන්ගේ මූල්‍ය සුරක්ෂිතභාවය තවදුරටත් ඉහළ නංවමින් 2023 වසර අවසානයේ ජීවිත අරමුදල රු. මිලියන 64,510 ක් දක්වා වර්ධනය වුණා.

අපගේ ගනුදෙනුකරුවන් සහ පාර්ශවකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය වෙනුවෙන් අපගේ හෘදයාංගම කෘතඥතාව පුද කරනවා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී, ආශා පෙරේරා මහත්මිය සඳහන් කළේ, "2023 සඳහා 13.5%ක ලාභාංශ අනුපාතයක් ප්‍රකාශයට පත් කිරීමට හැකි වුණේ, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ විශිෂ්ට මූල්‍ය කළමනාකරණය සහ විචක්ෂණශීලී ආයෝජන උපාය මාර්ග මත පදනම්වයි.

අපගේ විනයගරුක ප්‍රවේශය සහ දිගු කාලීන වටිනාකම් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, වෙනස් වන වෙළෙඳපොළ හැසිරීම්වලට අනුවර්තනය වීමට ඇති හැකියාව අපගේ සාර්ථකත්වයට ඉවහල් වී තිබෙනවා.

යූනියන් ඇෂුවරන්ස් සමාගම පිළිබඳ අඛණ්ඩ විශ්වාසය සහතික කරමින් අපගේ සියලු ම පාර්ශවකරුවන්ට විශිෂ්ට ප්‍රතිලාභ සහ වටිනාකමක් ලබා දීමට අපි කැපවී සිටිනවා."

යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත ආයතනයකි.

සාර්ථකව දශක තුනක කාලයක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය 2023 දෙසැම්බර් මස අවසන් වන විට රු. බිලියන 23.6ක් වූ අතර ජීවිත අරමුදල රු. බිලියන 64.5කි.

ශ්‍රී ලාංකේය සිහින සවිබල ගැන්වීම සඳහා කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය, ආයෝජන, ආරක්ෂාව, විශ්‍රාම සැලසුම් සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි.

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික සේවක බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස් සමාගම, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.