රත්නපුර මහේස්ත්රාත් අධිකරණය ආසන්නයේදී පුද්ගලයින් පිරිසකට ඇසිඩ් සහ මිරිස් කුඩු ප්රහාරයක් එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මිරිස් කුඩු සහ ඇසිඩ් ප්රහාරය එල්ල කර ඇත්තේ රිය අනතුරකින් මිය ගිය තරුණයෙකුගේ පියෙකු විසින්.
රත්නපුර නගරයේ මෙම රිය අනතුර සිදුව තිබුණේ මීට වසරකට පෙරයි.
ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ රිය අනතුර සිදු කළ තරුණයාගේ පියා ඇතුළු පිරිස ඊට සහභාගි වීමට අධිකරණයට පැමිණ සිටියා.
නඩු විභාගය අවසන් වීමෙන් පසු ඔවුන් අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මෙම ප්රහාරය එල්ල වී තිබෙනවා.
මිරිස් කුඩු සහ ඇසිඩ් ප්රහාරයට ලක්වූ 07 දෙනෙකු ප්රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.