Tuesday, May 7, 2024

General line - 0115112241

වියට්නාමයෙන් පිලිපීනයට පණිවිඩයක්.




සිය නැගෙනහිර මුහුදු කලාපයේ පවතින අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව වියට්නාමය පවසනවා.

ඒ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බව වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Pham Thu Hang පවසා ඇත්තේ.

පිලිපීන මුහුදු සීමාව පදනම් කර ගනිමින් පිලිපීනය සහ චීනය අතර පවතින මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය ඒ බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම තත්ත්වය නැගෙනහිර මුහුදේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය කෙරෙහි බලපා හැකි බව ද වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව ප්‍රකාශ කර තිබෙනවා.

නැගෙනහිර මුහුදේ ඕනෑම ක්‍රියාකාරකමක් ජාත්‍යන්තර නීතියට අනුකූල විය යුතු බව ද ඇය පෙන්වා දුන්නා.

ස්වයං සංයමයකින් කටයුතු කරන ලෙසත්, සාමකාමී ක්‍රම මගින් ආරවුල් විසඳා ගන්නා ලෙසත්, සාමය, ස්ථාවරත්වය සහ සහයෝගීතාවය පවත්වා ගැනීමට එක්ව දායක වන ලෙසත් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.