Tuesday, May 7, 2024

General line - 0115112241

මාදිවයින කණගාටු වෙයි




මෑත කාලීනව උද්ගත වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයෙන් පසු රට තුළ වර්ධනය වූ ඉන්දීය විරෝධය පිළිබඳ මාලදිවයිනේ ජනතාව කනගාටු වන බව එරට හිටපු ජනාධිපති මොහොමඩ් නශීඩ් පවසනවා.

දෙරට අතර පවතින උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මධ්‍යයේ මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඉන්දියාවෙන් මෙලෙස සමාව ඉල්ලා ඇත්තේ.

හිටපු ජනාධිපති නෂීඩ්, වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගෙන් ඉල්ලා ඇත්තේ ඔහුගේ ආන්ඩුව යටතේ ඉන්දියාවට එරෙහිව සිදු කරන සාකච්ඡා නවතා දමන ලෙසයි.

ඉන්දීය විරෝධය හමුවේ මාලදිවයිනට සහ එහි ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයා සිය කනස්සල්ල ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම අඛණ්ඩව මාලදිවයිනේ සංචාරය කරන ලෙස ද ඔහු ඉන්දීය වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් මාලදිවයින පිරිනමන සත්කාරක සේවාවල කිසිඳු වෙනසක් සිදුව නොමැති බව ද ඔහු අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.