Saturday, July 27, 2024

General line - 0115112241

නාමල්ට ඇප ලැබෙයි (UPDATE)




මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ අද ඇප මත මුදා හැරුණා. ඒ, කොළඹ අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

එහිදී මන්තී‍්‍රවරයා සමග රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අනෙක් දෙදෙනාද මුදාහැරීමටයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.

ඒ අනුව ඔවුන් රුපියල් ලක්‍ෂය බැගින් වූ මුදල් ඇපමත සහ රුපියල් ලක්‍ෂ සියය බැගින් වූ ශර බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදාහැරුණා.

එමෙන්ම සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

එමෙන්ම සෑම මසකම පළමුවන සහ අවසන් ඉරිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකරුවන්ට නියෝග කරනු ලැබුවා.

……………………………………………….

නාමල් උසාවියට ගෙනෙයි (VIDEO)

Aug 22, 2016 @ 10:46

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගක කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

නාමල් රාජපක්ෂ අධිකරණ භූමිය වෙත රැගෙන ගිය අවස්ථාව පහත වීඩියෝවෙන් දැක්වෙයි.