Saturday, April 27, 2024

General line - 0115112241

ඊශ්‍රායලයේ ගාසා මෙහෙයුම් ගැන අමෙරිකාව දුක් වෙයි




ගාසා අර්බුදය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා.

ගාසා යුද්ධය පදනම් කර ගනිමින් නායකයින් දෙපළ අතර ඉකුත් දිනවලදී මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබුණා.

ඒ මධ්‍යයේයි අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අතර මෙම දුරකතන සංවාදය පවත්වා ඇත්තේ.

කෙසේවෙතත් මෙම දුරකතන සංවාදයේදී ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ ගාසා තීරයේ රෆා නගරය ආක්‍රමණය කිරීමට ඊශ්‍රායල හමුදාව සූදානම් වීම සම්බන්ධයෙන්. 

අමෙරිකාව ඊට විරෝධය පළ කරන අතර ජාත්‍යන්තරයේ විරෝධය මධ්‍යයේ ඊශ්‍රායලය රෆා නගරය ආක්‍රමණය කළහොත් එය නැවත කිසිදා නිවැරදි කළ නොහැකි වරදක් වනු ඇතැයිද අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා.

එහෙත් මීට දින කිහිපයකට පෙර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබුණේ කුමන පාර්ශවයක් කුමන මතයක් දැරුවද රෆා නගරය ආක්‍රමණය කිරීම අනිවාර්ය බවයි.