Monday, April 29, 2024

General line - 0115112241

මෝදි රුසියානු සහ යුක්‍රේන ජනපතිවරු අමතයි.




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි සමග දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

වෙන් වෙන් වශයෙන් පැවැති එම දුරකථන සාකච්ඡාවකදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇත්තේ යුක්‍රේන යුද්ධය පිළිබඳවයි.

 එමෙන්ම රුසියානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය මෝදි වෙත රුසියාවේ සහ යුක්‍රේනයේ සංචාර සඳහා ආරාධනා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එමෙන්ම යුක්රේනයට එරෙහිව පවතින යුද්ධය විසඳීමේ සාර්ථකම මාර්ගය වන්නේ සාකච්ඡා සඳහා එළඹ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එකඟ වීම බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන්ට පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම සාමය ලගා කර ගැනීම වෙනුවෙන් වූ ඕනෑම ක්‍රියාමාර්ගක් සඳහා ඉන්දියාව සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් වෙත පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.