Monday, April 29, 2024

General line - 0115112241

මාලදිවයින ඉන්දියාවෙන් ණය සහනයක් ඉල්ලයි.




මාලදිවයින ඉන්දියාවෙන් ණය සහනයක් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. 

ඒ, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයක් පැන නැගී ඇති පසුබිමක් තුළයි.

ඉකුත් දා පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලබා මාලදිවයිනේ ජනාධිපතිවරයා ලෙස පත්වූ මොහමඩ් මුයිසු චිනයට පක්ෂපාතී පුද්ගලයෙකු ලෙස ප්‍රකටයි.

එවන් පසුබිමක් තුළ ඔහු සිය පළමු නිල සංචාරය ලෙස තෝරා ගත්තේ ද චීනයයි.

චීන සංචාරයෙන් පසුව මුයිසු ඉන්දියාව සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් එල්ල කළ අතර ඉන් අනතුරුවයි දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයක් උද්ගත වුණේ.

කෙසේවෙතත් මේවනවිට විදෙස් මාධ්‍ය පවසන්නේ මාලදිවයිනේ ජනාධිපතිවරයා සිය රට ඉන්දියාවට පියවීමට ඇති ණය සඳහා සහන කාලයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කර ඇති බවයි.

ඉන්දියාව සිය රටේ ළගම මිතුරා ලෙස සිටිනු ඇති බවත් ඔහු පවසා ඇතැයි සඳහන්. 

විදෙස් මාධ්‍ය පවසන පරිදි මාලදිවයින පසුගිය වසර අවසානයේදී ඉන්දියාවට පියවීමට තිබූ ණය මුදල ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400.9 ක්