Monday, April 29, 2024

General line - 0115112241

තායිවානයත් ටික්ටොක් එපා කීමට සැරසෙයි




තායිවානයෙන් ටික්ටොක් සඳහා ප්‍රබල විරෝධයක් එල්ල වෙමින් තිබෙනවා.

ඒ, තායිවානය සහ චීනය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුධය දිනෙන් දින තීව්‍ර වෙමින් ඇති පසුබිමක් තුළයි.

ඒ අනුව තායිවානයේ ඩිජිටල් සම්බන්ධතා පිළිබඳ අමාත්‍ය ඕඩ්රි ටැන්ග් පවසන්නේ චීන සමාගමකට අයත් ටික්ටොක් ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවයි. 

විදෙස් ප්‍රතිවිරුද්ධ පාර්ශව සමග සම්බන්ධතා ඇති ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය තායිවානයට තර්ජනයක් බවයි ඇය පැවසුවේ.

ටික්ටොක් යනු භයානක සමාජ මාධය යෙදවුමක් බව ද ඇය පවසා තිබුණා. 

තායිවානයේ ප්‍රමිතීන්ට අනුව ඍජුව හෝ වක්‍රව විදේශීය ප්‍රතිවිරුද්ධමතධාරීන්ගේ පාලනයට නතු වන ඕනෑම නිෂ්පාදනයක් ජාතික ආරක්ෂාලවට මෙන්ම සන්නිවේදනයේ ආරක්ෂාවට ද තර්ජනයක් බවයි ඇය පවසන්නේ.