Saturday, April 27, 2024

General line - 0115112241

  බැංකුවලින් පෞද්ගලික අංශවලට ලබා දෙන ණය ඉහළට




අපේක්ෂා කළ අයුරින් ඉදිරි කාලසීමාවේදී මෙරට උද්ධමනය සියයට 05ක මට්ටමක පවත්වාගෙන යාමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහි ආර්ථික පර්යේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ පැවසුවේ වැට් බදු වැඩි කිරීම මඟින් අපේක්ෂා කළ පරිදි උද්ධමනය ඉහළ යාමක් සිදුව නොමැති බවයි. 


ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති තීරණ හේතුවෙන් ඉදිරියේදී වෙළඳපොළ පොලී අනුපාත තවදුරටත් අඩුවනු ඇති බවටද ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ පෙන්වා දුන්නා.


ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජානක එදිරිසිංහ වැඩිදුරටත් පැවසුවේ විදේශීය ප්‍රේෂණ සහ සංචාරකයින්ගෙන් ලැබෙන ඉපැයීම්ද ක්‍රමයෙන් ඉහළ යමින් ඇති බවයි.


කෙසේවෙතත් ආනයන ඉහළ යාම හේතුවෙන් 2023 වසරට සාපේක්ෂව 2024 මුල් භාගයේදී මෙරට වෙළඳ හිගය තවත් පුළුල් වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.