Saturday, April 27, 2024

General line - 0115112241

   ජනාධිපති අපේක්ෂකත්වය ගැන පොහොට්ටුවේ බෙදීමක්.




ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ අපේක්ෂකයෙක් නියත වශයෙන්ම සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා. එම අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත්කිරීම සිය මැතිවරණ ව්‍යාපාරයේම කොටසක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ. 

එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයෙකු නොමැති බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මේ බව කියා සිටියා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා පොහොට්ටුවේ අපේක්ෂකයෙක් නොමැති බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ මෙලෙසයි.


එම ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී එදිරිමාන්න දැක්වූ ප්‍රතිචාරයයි මේ.


මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ එම පක්ෂ නායක හිටපු ජනාධිපතිගේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජයරාමයේ පිහිටි නිල නිවසේදියි.