Sunday, April 28, 2024

General line - 0115112241

මනුෂ්‍ය ඝාතනයක් සහ සැක කටයුතු මරණ 03ක් ගැන පරීක්ෂණ




මනුෂ්‍ය ඝාතනයක් සහ සැක කටයුතු මරණ 03ක් සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තිබුණේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදීයි.

කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යැමෙන් කතුරකින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබුණා.

මේ අතර, කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් සැක කටයුතු ලෙස මිය ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

වාහල්කඩ, කහටගොල්ලෑව ප්‍රදේශයේදී සැක කටයුතු මරණයක් සහ බද්දේගම, එල්ලගොඩ මාර්ගයේ සැක කටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.