Saturday, April 27, 2024

General line - 0115112241

රටේ පාන්වලින් සියයට 30ක පමණ තවමත් නියමිත බර නැහැ




රට තුළ අලෙවි කරන පාන්වලින් සියයට 30ක පමණ තවමත් නියමිත බර නොමැති බව ප්‍රමිති හා සේවා මිනුම් ඒකක අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක පවසනවා.

කෙසේවෙතත් මෙම තත්ත්වය මීට පෙර පැවති තත්ත්වය හා සැළකිමේදී වඩා යහපත් බවයි ඔහු පැවසුවේ.

ඉකුත් වසර වන තුරුම මෙරට තුළ අලෙවි කළ පාන්වලින් සියයට 60ක් නියමිත ප්‍රමිතියෙන් නොතිබූ බව ප්‍රමිති හා සේවා මිනුම් ඒකක අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක ප්‍රකාශ කළා. 

ඉකුත් දා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් වෙළඳපොළේ මෙම තත්ත්වය වෙනස් වී ඇති බව ඔහු සඳහන් කළා. 

මේ අතර එළඹෙන අලුත් අවුරුදු සමය මුල් කර ගනිමින් රට පුරා විශේෂ වැටලීම් මාලාවක් දියත් කරන බව ප්‍රමිති හා සේවා මිනුම් ඒකක අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක වැඩිදුරටත් පැවසුවා.